FAST NEWS

24×7 Around the Globe

බොන්න බැරි මිලට ගත් වතුර බෝතලය..

වවුනියාවේ වැසියකු විසින් මිලට ගත් පානීය ජල බෝතලයක්‌ තුළ මිනිස්‌ සිරුරට අහිතකර ප්ලාස්‌ටික්‌ කැබලි කීපයක්‌ තිබී හමු වී තිබේ.

ඔහු පැවසුවේ වවුනියාව නගරයේ වෙළෙඳසලකින් මෙම පානීය ජල බෝතලය මිලට ගෙන නිවසට රැගෙනැවිත් බැලීමේදී එහි ප්ලාස්‌ටික්‌ කැබලි තිබෙනු දුටු බවයි.

මේ පිළිබඳව අදාළ සමාගමට දැනුම් දුන් අවස්‌ථාවේදී දුරකතනයට පිළිතුරු දුන් සමාගමේ පුද්ගලයකු තමන්ට බැණ වැදුණු බවද තමා මීට ඉහතදී එම සමාගමට අයත් පානීය ජල බෝතලයක්‌ මිලට ගත් අවස්‌ථාවේදී එහිද පාසි විශේෂයක්‌ තිබුණු බවද හෙතෙම පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සමාගමෙන් සාර්ථක පිළිතුරක්‌ නොලැබුණු නිසා ඔහු එය වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්‌ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.