FAST NEWS

24×7 Around the Globe

සොරාගත් සහනාධාර කැලෑවකින්..

 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදීම පිණිස කිරිඇල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ගබඩාකර තිබූ රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් සොරාගත් බව කියන තරුණයන් සිවු දෙනකු කිරිඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් සොරාගත් සහනාධාර අඩංගු විශාල ප්‍රමාණයේ බෑග් කිහිපයක් එම ප්‍රදේශයේ කැලෑවක තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිවුදෙනාම පසුගිය දිනවල එම විහාරස්ථානයේ රඳවා සිටි අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර පිසීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළ අයවලුන් බවද අනාවරණය වෙයි.