FAST NEWS

24×7 Around the Globe

ආච්චි උස්සාගෙන ෆොටෝ ගහපු අය ආයෙත් දකින්න ලැබෙන්නේ ඊළඟ ගංවතුරට..

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැස්වීමකදී මෙසේ පැවසීය.

‘ඇතැම් මාධ්‍ය ආයතන ජනතාවගේ භාණ්ඩ එක්රැස් කර තම මාධ්‍ය ආයතනයේ නමින් බෙදා දෙන බව ප්‍රචාරය කරනවා. මෙවැනි කරදරයකට පත් වූ අවස්ථාවලදී ඔවුන්ගේ මැදිහත්වීම ප්‍රශංසනීයයි. ඒත් ජනතාව කරන පරිත්‍යාගයන් කැපවීම් අගයන්නත් ඕන. ඒ වගේම රජයක් විදියට සිදු කරන කාර්යභාරයද ජනතාව අතරට ගෙන යා යුතුයි. එකම කෙනකුවත් කුසගින්නෙ නොතියන්න රජය බලාගත්තා.  එක් මන්ත්‍රිවරයකු ආච්චි කෙනෙක් වඩාගෙන පිංතූර ගහල මාධ්‍යයට දැම්මම අනෙක් මන්ත්‍රිවරු 224 දෙනාත් ආච්චිලා වඩාගත යුතු නැහැ.

කොට කලිසමක් ඇඳල වතුරට බැහැල ළමයින් දෙන්නෙක් උස්සගෙන ඡායාරූප රැගෙන මාධ්‍යයට දැම්මට ජනතාවට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ගංවතුර බැහැල ගියාට පසු නැවත ජන ජීවිත යථා තත්ත්වයට පත්වන තෙක් මේ පවුල් පිළිබඳ අපි සොයා බලන්න ඕන. අච්චිව උස්සගෙන ෆොටෝ ගහපු අය ආයෙත් දකින්න ලැබෙන්නෙ ඊළඟ ගංවතුරට තමයි!. අපි අපේ ජනතාව සමඟ හැමදාම ඉන්නවා. ‘