FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ ඔස්ට්‍රේලියා තරගය විසඳුමක් නෑ..

2017 චැම්පියන්ස් කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (05දා) පැවැති තරගයද අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අත්හැර දැමීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44.3කදී සියලු දෙනා දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් විය.

එ අනුව ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 16කදී එක් කඩුල්ලකට ලකුණු 83ක් රැස්කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමිණ.

(ADS)