FAST NEWS

24×7 Around the Globe

සතුන් 14 ක් රාජසන්තක කෙරේ..

ගොවිපොළවල් සහ නිවාස වල සිදුකරන ලද වැටලීම් වලදී වඳවීයෑමේ තර්ජනයට ලක්වී සිටින සතුන් 14 දෙනෙකු පසුගිය මාස 3 ඇතුලතදී රාජසන්තක කළ බව සාජා පරිසර සහ ආරක්ෂිත කලාප අධිකාරිය ප්‍රකාශ කළේය.

රාජසන්තක කරන ලද සතුන් අතර වීෂ සහිත සර්පයින් සිටින බව Emaratalyoum පුවත්පත වාර්තා කළේය.

සාජා හි පනවා ඇති නීතිය යටතේ ජීවිත හානි සිදු කළ හැකි සතුන් ලඟ තබාගැනීම තහනම් වන අතර එමිරේට් ඩිරාම් 100,000ක් දක්වා දඩ නියම කළ හැකි බව සාජා පරිසර සහ ආරක්ෂිත කලාප අධිකාරියේ ප්‍රධානි, හනාසයිෆ්අල්- සුවේදි ප්‍රකාශ කළේය.

ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි