FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ බෝම්බ බියකින් 1,500 කට තුවාල…

ඉතාලියේ ටියුරින් නුවර ඊයේ(04)  පැවති පාපන්දු තරගයක් අතර  තුර ඇති වූ බෝම්බ බියක් හේතුවෙන් සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 1,500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

මෙම පාපන්දු තරගය අතර තුර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී ඇතැම් පිරිස් බෝම්බ යනුවෙන් කෑගසා ඇති බවත් මෙම තෙරපිමට හේතුව වන්න ඇතැයි එරට බලධාරීන් සඳහන් කරන බවද විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)