FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ ක්‍රීඩා කිරීම පිළිබඳ ගුරුසිංහ හා මැතිව්ස්ගෙන් ප්‍රකාශ..

ආබාධයකට ලක්ව ඉන් සුවය ලබා සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රඩක ලසිත් මාලිංග අද (03) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව එංගලන්ත වාර්තා පවසයි.

එසේම ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන් සිටින බවත් ඔහු කණ්ඩායමට පැමිණ නැවතත් දක්ෂතා දක්වනු ඇතැයි කණ්ඩායම අපෙක්ෂාවෙන් සිටින බවද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද එංගලන්තයේදී මාධ්‍ය වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතාද පවසා ඇත්තේ මාලිංග කණ්ඩායමට පැමිණීමට උනන්දුවෙන් සිටින බවත් පන්දු යවන්නන් වෙනුවෙන් පවත්වන සාකච්ඡා සඳහාද එක්වන බවයි.

(ADS)