FAST NEWS

24×7 Around the Globe

කාන්තා ඇඳුමක් ඇඳන් හිඟා කෑ පිරිමියාට වූ දේ..

කුවේට් රාජ්‍යයේ සල්මියා ප්‍රදේශයේ පිහිටි ඇති මුස්ලිම් පල්ලියක කාන්තා අංශය අසල කාන්තා ඇඳුමකින් (නිකාබ්) සැරසී හිඟාකෑමේ නිරත වූ ආසියාතිකයෙක් අත්අඩංගුවට ගත් බව කුවේට් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ආගමික වතාවත් කිරීමට පැමිණි කාන්තතාවන්ට සිඟාකමින් සිටි පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතී ඔහු පිරිමි පුද්ගලයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස් නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර එම අවස්ථාවේදි පළායෑමට උත්සහ කර ඇති නමුත් පොලිස් නිලධාරීන් පන්නා ගෙන ගොස් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිමය කටයුතු කිරීම සඳහා පොලිස් භාරයේ රඳවාගෙන ඇති බව වාර්තා වේ.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)