ලොව සිදුවන විවිධ වර්ගයේ නවීන සොයාගැනීම් අතරින් අමුතුම ආකාරයේ සොයාගැනීමක් පිළිබද ජපානයේ ප්රකට රෙදි පිළි නිෂ්පාදන සමාගමක් නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ.
ස්මාර්ට් තනපටයක් ‘රවිජෝ’ නමින් හැඳින්වෙන එම නිෂ්පාදන ආයතනය හඳුන්වා දී ඇති අතර කාන්තාවක් තුල සැබෑම ආදර හැඟීමක් ඇති වුවහොත් ඇයගේ ආදරවන්තයාට ගැළවිය හැකි වෙන ආකාරයට මෙම තනපටය නිර්මාණය කිරීමට සුදානමින් සිටින බව වාර්තා විය.
මෙම ‘ස්මාර්ට් තනපටය’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි ඇති සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්රියාත්මක වේ.
මේ තනපටය, තනපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් සේම, එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගැනීමට හැකිවන තනපටයක් ලෙසින් යොදා ගත හැකි බව එම සමාගම පවසන ලදි.
කාන්තාවකට තමන්ගේ සහකරු ගැන ආදර හැඟීමක් ඇතිවූ විට මෙම ස්මාර්ට් තනපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලුටූත් ආශ්රයෙන් දත්ත හුවමාරු කරමින් තමන්ට සැබෑම ආදර හැඟීමක් ඇතිවූනාද යනුවෙන් ඒ යෙදවුම හරහා තීරණය කෙරේ.
එලෙසින් ආදර හැඟීමක් ඇති වූ විට තනපටය ඉදිරිපස ඇති සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවලා දැල්වෙන අතර එමගින් මෙසේ තනපටය ගලවා දැමීමට සහකරුට ඇරයුමක් ලැබේ.
මේ ‘ස්මාර්ට් තනපටය’ තවමත් වෙළඳපොළට ඉදිරිපත් කිරීමක් පිළිබද මෙතෙක් වාර්තා වී නොමැති අතර ‘රවිජෝ’ නිෂ්පාදන සමාගම පවසනු ලබන්නේ මෙම ‘ස්මාර්ට් තනපටය’ ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක් බවට පත්වෙනු ඇති බවයි.











