FAST NEWS

24×7 Around the Globe

නිළධාරීන්ට තර්ජනය කර ගංවතුර ආධාර බලෙන් රැගෙන යන මන්ත්‍රී මෙන්න..

ගංවතුරින් විපතට ජනතාව වෙනුවෙන් එකතු වන ආධාර තමාට අයිති බූදලයක් මෙන් බලහත්කාරයෙන් බෙදාදෙන මන්ත්‍රීවරයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට මෙසේ චෝදනා එල්ලවෙන අතර ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට ජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු වන ආධාර මන්ත්‍රීවරයා විසින් මෙසේ බෙදා දෙන බව වාර්තාවෙයි.

පසුගිය දිනෙක බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කෑම පැකට් 2000 ආසන්න සංඛ්‍යාවක් මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර එම නිසා අදාළ ප්‍රදේශයේ සහන සේවා කටයතු වල නිරතව සිටි හමුදා සාමාජිකයන් පවා කුසගින්නේ පසුවූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

ඉන් පසු දිනෙක නැවතත් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ආධාර රැගෙන යාම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ එතැන සිටි ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගොස් තිබේ.