FAST NEWS

24×7 Around the Globe

ශූරයන්ගේ පළමු තරගයෙන් එංගලන්තයට කඩුළු 08 ක ජයක්..

2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ආරම්භ කරමින් පැවැති (A  කාණ්ඩයට අයත්) පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (01) සමත්විය.

එංගලන්ත අරාධනයෙන් ප්‍රථමයෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු හයට ලකුණු 305ක් රැස් කිරීමට සමත් විය.

මෙහිදි බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 128ක් රැස්කළේය.

එ අනුව ලකුණු 306ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47.2කදී කඩුලු දෙකක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර යෑමට සමත් විය.

එංගලන්ය වෙනුවෙන් ජෝ රූට් නොදැවී ලකුණු 133ක් රැස් කළේය.

ලකණු පුවරුව