FAST NEWS

24×7 Around the Globe

බරපතල ලෙස දූෂණය වූ තරුණියක් වැරදිකරු වෙයි..

තුවක්කුවක් හිසට තබා තරුණියක් බරපතල ලෙස දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පාකිස්තානයේ පන්ජාබ් නගරයේ සිදු වූ මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 19 හැවිරිදි තරුණියක් වන අතර ඇයගේ ඥාතියෙකු මෙලෙස තුවක්කුවක් හිසට තබා දුෂණය කරමින් මේ පිලිබඳ  කිසිවෙකුට පැවසුවහොත් ඇයට වෙඩි තබන බව අදාළ ඥාතියා පවසා ඇති බවයි.

කෙසේ වෙතත් දුෂණයට ලක් වූ තරුණිය මේ සම්බන්ධයෙන් ගමේ ගැටළු විසඳන “පංචායන්” සභාවට පවසා ඇති අතර එහිදී මෙම දුෂණයට ලක්වූ තරුණිය වැරදිකරු වී ඇති නිසා ඒ අනුව ඇයව ගල් ගසා මැරීමට නියමවී ඇති බව වාර්තා විය.

අනතුරුව එම ගමෙන් පලාගිය තරුණිය මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පවසා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් පංචායන් සභාවට නඩු පවරා ඇති බව සඳහන් වේ.

මේ හේතුව නිසා තරුණියට නියම වූ දඬුවම තාවකාලිකව අවලංගු කර තිබේ.