තමන් අත් බෝම්බයක් ඇති බව පවසමින් බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට මගියකු උත්සාහ දැරීම හේතුවෙන් මැලේසියාවේ එම්.එච්.128 අංක දරණ ගුවන් යානය ආපසු හරවා යැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මගියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන් ආරම්භ කළ යානය විනාඩි 30ක් පමණ පියාසර කිරීමෙන් පසු මෙම සිද්ධියට මුහුණ පෑ බව මැලේසියා ගුවන් සේවය පවසයි.
මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමැති අබ්දුල් අසිස් බින් කප්රාවී පවසා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බව පෙනෙන්නට තිබෙන බවයි.
ඔහු තමන් අත බෝම්බයක් තිබෙන බව පවසමින් කාර්ය මණ්ඩලය බිය වද්දා නියමු කුටියට ඇතුළුවීමට දැඩි උත්සාහයක් දරා ඇති අතර කෙසේ හෝ යානය යළි මෙල්බර්න් ගුවන්තොටුපොළට ගොඩබස්වා මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
වික්ටෝරියා පොලිසිය සඳහන් කර ඇත්තේ මේ මගියාට නියමු මැදිරියට ඇතුළුවීමට අවස්ථාවක් ලැබී නැති බවත් හා ඔහු අත තිබී ඇත්තේ කුඩා බැටරියක් බවත්ය.
(බීබීසී පුවත් ඇසුරෙනි)












