FAST NEWS

24×7 Around the Globe

දිවුරුම් දෙන අවස්ථාවට ආ අනෝමා දිවුරුම් නොදුන්නේ ඇයි..?

නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරිය වන අනෝමා ගමගේද එහි පැමිණ සිටි අතර ආචාර්ය හර්ෂද සිල්වාගේ ට්විටර් ගිණුමේ පළකර තිබු ඡායාරූපයේ ද නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේද සිටින ආකාරය දැක්වේ.

කෙසේ වෙතත් ඇය කිසිඳු නව අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේ නැති අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඇයට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දී වසන්ත සේනානායකට ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීමට නියමිතව තිබු බව වාර්තා වේ.

එහෙත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාගැනීමට අනෝමා ගමගේ අකමැත්ත පළකර ඇතැයිද එම ආරංචි සඳහන් කරන ලදි.

එහෙත් රජය මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැත.