FAST NEWS

24×7 Around the Globe

කෙටි ඇඳුමකින් ආ ප්‍රියංකා චොප්රා දැඩි දෝෂාරෝපණයට.. (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි ඉදිරියේ ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා කෙටි ඇඳුමකින් සැරසී තම දෙපා නිරාවරණව වාඩිවී සිටි දසුනක් ඉන්දීය සමාජජාල මාධ්‍යය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

බොහෝ ෆේස්බුක් පරිශීලකයන් පවසා ඇත්තේ ඇය අගමැතිවරයාට කිසිදු ආකාරයක ගෞරවයක් නොදක්වා හැසිරී ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සමාව ඇයද සිටීමක් සිදුකර නොමැති ප්‍රියංකා තමාට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස තම මව සමග කෙටි ඇඳුම් ඇඳ දෙපා නිරාවරණය කරමින් ගනු ලැබූ ඡායාරූපයක් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කරමින් දවසේ කකුල් යනුවෙන් මාතෘකාවක්ද ඊට යොදාගෙන තිබේ.

එමෙන්ම, මේ ආකාරයෙන් තමන්ගේ ඇඳුම් හා සැරසිලි සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පළමු වැනි බොලිවුඩ් නිළියද ප්‍රියාංකා නොවෙන අතර 2014 වසරේදී දීපිකා පදුකෝන්ද මේ ආකාරයෙන්ම ඉන්දීය පුවත්පතක් විසින් දෝෂදර්ශනයට ලක්කර තිබුණේ අනවශ්‍යය ආකාරයෙන් පපු පෙදෙස නිරාවරණය කර ඇති බව පවසමිනි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර වශයෙන් පදුකෝන් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ ඔව් මම ගෑණියෙක්. මට පපුවක් තියෙනවා. ඇයි ඔබට ප්‍රශ්නයක්ද? යනුවෙනි.

Chopra posted this picture on Facebook

Priyanka Chopra