FAST NEWS

24×7 Around the Globe

DECT6.0 රැහැන් රහිත දුරකථන භාවිත කරන්නනට නිතීය දැඩිව..

මෙරට තුළ භාවිතය තහනම් කර ඇති DECT6.0 රැහැන් රහිත දුරකථන තවදුරටත් භාවිත කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බැවින් එම දුරකථන භාවිත කිරීමෙන් වළකින්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාව තුළ මෙම වර්ගයට අයත් දුරකථන ආනයනය, බෙදාහැරීම, අලෙවි කිරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

ඊට හේතු වී ඇත්තේ මෙම දුරකථන නිසා ජංගම දුරකථන ජාලයට බාධා ඇති වීමයි.

මෙම නීතිය කඩකරන්නන්ට 1991 අංක 25 දරන සංශෝධිත ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට අනුව දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවත් මේ පිළිබඳව වැඩිවිස්තර දුරථකන අංක 1900න් දැනගත හැකි බව එම කොමීසම වැඩි දුරටත් සිය නිවේදනය මගින් වැඩි දුරටත් පවසයි.