FAST NEWS

24×7 Around the Globe

ආධාර එකතු කරද්දී ළඳරු කිරිපිටි දෙන්න එපාලු..

අවතැන්වූවන් වෙනුවෙන් ආධාර එකතු කිරීමේදී ළදරු කිරිපිටි එකතු කිරීම හා ඒවා ලබාදීම නොකරන්නැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම මව්කිරි බොන වසයේ දරුවන්ට මෙවැනි ආපදා තත්ත්වයකදී ළඳරු කිරිපිටි ලබාදීමෙන් පාචනය වැනි රෝග ඇතිවී මරණය පවා සිදුවිය හැකි බව එම සංවිධානය පවසයි.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී හිරාණි ජයතිස්ස මහත්මිය සඳහන් කළේ මෙම අවස්ථාවේ මව්කිරි හැකිතාක්  දරුවන්ට ලබාදිය යුතු බවත් මෙවැනි තත්ත්ව වලදී ඇතිවෙන ලෙඩ රෝග වලින් ආරක්ෂාවීමට ඒ හරහා දරුවන්ගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඇතිවෙන බවත්ය.