මාධ්‍යවේදිනියක් බලහත්කාරයෙන් සිපගත් ටෙනිස් ක්‍රීඩකයෙකුට එහි සංවිධායකයන් විසින් ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය තහනම් කළ පුවතක් විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි.
21 හැවිරිදි මැක්සිම් හමෝයූ නැමති ක්‍රීඩකයෙකුට මෙම තහනම පනවා ඇති අතර ලෝක ශ්‍රේණි ගත කිරීම්හි හමෝයූට 287 වන ස්ථානය හිමිව ඇත.
මාලි තෝමස් නැමති මාධ්‍යවේදිනියක මෙම ක්‍රීඩකයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමේදී ඔහු ඇගේ කම්මුල ප්‍රදේශය මෙසේ සිපගෙන ඇති අතර එම අවස්ථාවේදී ඇය ඔහුගෙන් ඉවත්වීමටද උත්සාහ කරනු දැකගන්නට ලැබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ වැඩසටහන සජීවීව විකාශය නොවුණානම් තමන් ක්‍රීඩකයාට පහරදීමට කටයුතු කරන බවයි.
වීඩියෝව පහතින්..













