FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ වැඩියෙන්ම වියදම් කරන රට මෙන්න..

කුවේට් මහ බැංකුව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල් අතුරින් දළ දේශීය නිෂ්පාදනය අනුව ලෝකයේ වැඩියෙන්ම වියදම් කරන රට ලෙස කුවේට් රාජ්‍යය පත්වී ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළ අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් 56.4%කි.

එම සමීක්ෂණයට අනුව ඕමානය 51.5%, කටාරය 42.7%, සෞදි අරාබිය 36.2% සහ එමිරේටය 30% වේ.

කුවේට් රාජ්‍යය යුරෝපා සංගමයේ අනුපාතයන්ටත් (47%) වඩා වැඩි අනුපාතයක් පෙන්නුම් කරන අතර ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය 35.2%, ජපානය 36.8%, කැනඩාව 40.8% සහ බ්‍රිතාන්‍ය 39.4% වේ.

රාජ්‍ය වියදම් ඉහල අනුපාතයක් පෙන්වීම තුලින් පිළිබිඹු වන්නේ ජාතික ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම විශාල ලෙස ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

රාජ්‍ය වියදම් ලෙස කුවේට් ඩිනාර් බිලියන 19ක මුදලක් කුවේට් රාජ්‍ය වෙන් කර ඇති අතර ඉන් වැඩි කොටසක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ අනිකුත් වියදම් සඳහාය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)