FAST NEWS

24×7 Around the Globe

ආපදා ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි පෙත්සමක්..

ආපදා ඇමති අනුර ප්‍රියදර්ශන රටේ ආපදාව අවස්ථාවේ විදෙස්ගතවී වගකීම පැහැරහැරීම හෙළාදකිමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් පවතී එහි මෙසේ දැක්වේ.

‘අහිංසක පුංචි දරු‐පැටව් මැරිලා පා වෙනවා. ඇමතියා පිටරට සවාරි ගහනවා. අහිංසක දුප්පත් මිනිස්සු පස් යට මැරිලා. ඇමතියා මෙක්සිකෝවේ හෝටල් වල සැප ගන්නවා. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා, කන්න නැතුව, බොන්න වතුර නැතුව ලෙඩ වෙලා. ඇමතියා ආපදා වලක්වන හැටි ගැන ලෝකෙට දේශනා කරනවා. ගං වතුර ගලල දවස්   5 කට වැඩියි. ඇමතියා හරි නම් දැනගත්ත ගමන් තමන්ගේ රටට එන්න ඕන. මෙවන් ඇමතිවරු කුමටද? අනුර, වහාම ඉල්ලා අස් වෙන්න. අනුර, ඔයා අන්තිම අසාර්ථකයි. තමන්ගේ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරි වුනා. අඩුම තරමේ ඒ මිනිස්සුන්ගේ දුක අහන්න එන්න බැරි උනා. ඔයාට ලංකාවට වැඩිය, මෙක්සිකෝව ලොකු උනා. ඔයා දැන්ම ඉල්ලා අස්වෙන්න. අස්වෙලා මෙක්සිකෝවේ නතර වෙන්න. ‘

අනුර යාපා, ඉල්ලා අස්වෙන්න!