FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට කඩුළු 06 ක ජයක්…

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (30) එංගලන්තයේ බර්මීංහැම්හිදි පැවති චැම්පියන්ස් කුසලාන පෙර පුහුණු තරගයෙන් කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු නවසීලන්ත ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 ක් පමණක් දැවි සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 356 ක් රැස් කර ගැනීමට සමත් විය.

එ අනුව ලකුණු 357 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 46 යි 01 ක් පන්දුවක් තුළ සිය ජයග්‍රාහී ඉල්ලකය සපුරා ගැනීමට සමත් වුහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල නායක උපුල් තරංග ලකුණූ 110 ක් රැස් කර ගැනීම සමත් වුයේය.

එසේම නවසීලන්තය ජයග්‍රහණය කර මෙහෙයවමීන් ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 116 ක් ලබා පිටියෙන් ඉවත් විය.

එ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි පෙර පුහුණු තරගයද පරාජයට පත් විය.

ලකුණු පුවරුව පහතින්…

(ADS)