FAST NEWS

24×7 Around the Globe

බ්‍රැඩ්මන්ගේ සුපිරි වාර්තාව සංගාට පෙනි පෙනී අහිමි වෙයි..

පළමු පෙළ තරග වලදී අඛණ්ඩ ශතක හයක් රැස්කළ ලොකයේ සිව්වැනි පිතිකරු ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට තිබී අවස්ථාව අහිමි වී ගිය අතර එසේ අහිමි වූයේ සරේ කණ්ඩායම හා එසෙක්ස් කණ්ඩායම අතර එංගලන්තයේදි පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 84ට දැවී යෑම හේතුවෙනි.

තරගයේ පළමු ඉනිමේදී ඔහු ද්විත්ව ශතකයක්ද රැස්කළ අතර යම් හෙයිකින් මෙම තරගයේදී ඔහු තවත් ලකුණු 16ක් රැස්කළේනම් පළමු පෙළ තරගවලදී පිටපිටම ශතක හයක් රැස්කළ ලෝකයේ සිව්වැනි පිතිකරු බවට සංගා වාර්තා අතරට එක්වීමට නියමිතව තිබුණි.

පළමු පෙළ තරගාවලදී ශතක හයක් පිට පිට රැස්කළ ක්‍රීඩකයන් වන්නේ සී.බී. ෆ්‍රයි, ඩොන් බ්‍රැඩ්මන් හා මයික් ප්‍රොක්ටර්ය.

සංගක්කාරගේ අවසන් පළමු පෙළ ඉනිම 6

අප්‍රේල් 14 -17 – ලැන්කෂර්යර් කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිම – 136

අප්‍රේල් 21 – 24 – වෝවික්ෂර් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිම – 105

මැයි 19-22 – මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිම – 114, දෙවැනි ඉනිම 120

මැයි 26-29 – එසෙක්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිම – 200, දෙවැනි ඉනිම 84