FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් ඇනිස්ටන්ගේ නොකෙරෙන දීගය…

ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරොක්ස් යුවළ විවාහ ගිවිසගෙන වසර 3 ක් ගත වෙලා. අද හෙට හෝ අනිද්දා දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කෙරෙන බව ප්‍රකාශ වුණත් එය දැන් නොකෙරෙන දීගයක් බවට පත්වී හමාරයි.

හොලිවුඩ්පුරයෙන් ලැබෙන ආරංචි පවසන්නේ ජෙනිෆර් සහ ජස්ටින් වෙන්වීමට තීරණය කර ඇති බවයි. ජස්ටින්ගේ වයස අවුරුදු 43 යි. ජෙනිෆර් 46 වැනි වියෙහි පසුවෙනවා. දෙදෙනාගේ වෙන්වීමට බලපා ඇත්තේ මේ නොගැළපෙන වයස නොවෙයි. ජස්ටින්ගේ වෙනත් සබඳකමක්. ‘ද ලෙෆ්ට් ඕවර්ස්’ චිත්‍රපටයේ සහයිකාවක ලෙස කටයුතු කළ තරුණියක සමඟ ඔහුගේ සබඳතාවක් තිබෙන බවට ජෙනිෆර්ට තොරතුරු හෙළිවීමෙන් පසුවයි මේ විවාහ ගිවිස්නාව දෙ‍දරා ගොස් ඇත්තේ.