පසුගියදා ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරඟයකින් ශ්රී ලංකාවේ ජනප්රිය ටෙලි නිළියක් වූ ඕෂධී හේවාමද්දුම එහි කිරුළ හිමිකරගත් බව වාර්තා වූවද ඇය ජයගෙන ඇත්තේ අන්තර්ජාල මනාප විමසීමේ තරඟයෙන් බව වාර්තා වේ.
එය “Peoples Voice” ලෙසින් නම්කොට තිබූ අතර අන්තර්ජාලය ඔස්සේ ලබා තිබූ මනාප ගණන අනුව ඕෂධී ට වැඩි මනාප ගණනක් හිමිව තිබුණි.
එසේම මෙම තරඟයේ ප්රධාන කිරුළ හිමිකරගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකා වන අතර “People’s Voice” කිරුළ දිනු ඕෂධී තමා විවාහක රූප රැජිණ කිරුළ ජයග්රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ෆේස්බුක් ඔස්සේ ප්රචාරය කර ඇති බවට නිරූපණ ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු චෝදනා කොට තිබුණි.
පහතින් දැක්වෙන්නේ “මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්” තරඟයේ නිල පිටුවේ එම ජයග්රහණය ගැන සඳහන් කළ ආකාරය හා ඕෂධී ඒ පිළිබඳව ෆේස්බුක් හි සටහන් කළ ආකාරය වේ.
“මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්” තරඟයේ නිල පිටුව බාබරා මොනිකා ජයග්රහණය සටහන් කළ ආකාරය..

ඕෂධී ඒ පිළිබඳව ෆේස්බුක් හි සටහන් කළ ආකාරය..
.jpg)
බෙල්ජියමේ කිරුළ හිමි ජයග්රාහිකාව..










