FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරුන්ට වාහන ගේන්න තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැම්මා..

කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට වාහන ගෙන ඒමට තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැමූ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොටදී මාධ්‍ය අමතමින් පැවැසීය.

ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන නමුත් ඉන් පසුව එය සිදුකරන බව ඔහු පැවැසීය.

මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කලේය.

එමෙන්ම  හදිසි ආපදාවකින් මියගිය පුද්ගලයෙකුට මීට පෙර ලබාදුන් රුපියල් 15000ක මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී පවසන ලදි.