FAST NEWS

24×7 Around the Globe

මැන්චෙස්ටර් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී ජාලය හෙළි වෙයි..

මැන්චෙස්ටර් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී ජාලය මේ වන විට අනාවරණ කර ගැනීමට හැකි වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.

මේ වන විට ඊට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බකරු සල්මාන් අබේඩිගේ පියා සහ සොහොයුරා ද ලිබියානු බලධාරීන් විසින් රදවාගෙන සිටින බව සඳහන්ය.

පසුගිය සඳුදා මැන්චෙස්ටර් හි පැවැති අරියානා ග්‍රාන්ඩේ නැමැති ඇමරිකානු ගායිකාවගේ සංගීත ප්‍රසංගය අවසන් වන මොහොතේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 50කට අධික පිරිසක් තුවාල විය.

මේ අතර, එම ගායිකාව ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමේ ප්‍රසංගයක් සඳහා නැවත මැන්චෙස්ටර් නුවරට පැමිණෙන බවයි.