FAST NEWS

24×7 Around the Globe

ප්‍රබල ඇමතිවරයෙකුගේ නිවසත් ජලයෙන් යටවෙයි.. (වීඩියෝ)

මාතර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනෙගේ මාතර මකඳුර ප්‍රදේශයේ පිහිටි නිවස ජලයෙන් යටවී තිබේ.

සිය නිවසේ උඩුමහලේ සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතරම අමාත්‍යවරයාගේ බිරිඳ හා පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එහි රැඳී සිටින බව අමාත්‍යවරයා සඳහන් කලේය.

එම පිරිස මේ වන විට නිවසේ උඩු මහලේ රැඳී සිටින අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..