FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂට කඩේ ගියා කියලා බූරුවෙක් වගේ කඩේ යන්න එපා..

ගුවන් විදුලියේ පැවැති වැඩසටහනකට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නට අසන්නනෙකු විසින් ඉදිරිපත් කල පැනයක් හේතුවෙන් කෝපයට පත් වූ මන්ත‍්‍රිවරයා ‘බූරුවෙක් වගේ කතා කරන්න එපා’ යයි සජීවීව කියා සිටියේය.

දුරකතනයෙන් සම්බන්ධ වූ තැනැත්තා: ආයුබෝවන් මම චතුර සේනාරත්න මංත්‍රීතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී ගම්පහට කරනවා කියපු දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් ඔබතුමා කරලා තියෙනවාද ඔබතුමා කතා කරන දේවල් වලින් මට දැනෙනවා ඔබතුමා හරි පිරිසිදු දේශපාල‍ඥයෝ කියලා.. මම කැමතියි ඔබ තුමාලගේ පවුගේ වත්කම් ගැන අහන්න.. මොකද තාත්තා දත් ගලවලා හම්බකරපු සල්ලිද ඔබ තුමාලා බුක්ති විදින්නේ කියලා..

මන්ත‍්‍රී චතුර සේනාරත්න: ශාන් මහත්මයා ඔබතුමා වගකීමෙන් කියනවාද නැව් එහෙම තියෙනවා කියලා.. ඔබතුමාලා කියන විදියට මොනාද කියන්නකෝ එහෙම වත්කම් තියෙන්නේ..

නෑ නෑ මම ඕවා දන්නේ නෑ..

දන්නේ නැත්නම් කතා කරන්නේ කොහොමද. ප්‍රශ්නේ අහන්නේ කොහොමද.. මහින්ද රාජපක්ෂට කඩේ ගියා කියලා  බූරුවෙක් වගේ කඩේ යන්න එපා..

බූරුවා එහෙම කියන්න එපා ඉතින්..

ඔයා දැන් දන්නේ නැති දේනේ ඔය අහන්නේ.. මං ඔයාට විරුද්ධව නඩුවක් දානවා. ඔයා වහාම සමාව ගන්න ඕනේ.. ඒක ඉල්ලා අස් කර ගන්න..

මං ඉල්ලා අස් කර ගන්නවා ඔබතුමාගෙන් සමාවත් ගන්නවා..