FAST NEWS

24×7 Around the Globe

සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරයෙන් රහස් ගොඩක් හෙළි වෙයි..

සංගා ගැන ඉන්දීය වෙබ් අඩවියක් අමුතුම වාර්තාවක් කර තිබූ අතර ඔවුන් පවසා සිටින්නේ සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරය පිලිබඳවය.

එම වෙබ් අඩවිය පවසන පරිදි මෙම සුරය සංගාට මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයකදී හිමාල අඩවියේ වාසය කරන සෘෂිවරයෙකු විසින් පළඳා ඇති බවත් සංගා මෙම සුරය සෑම තරඟයක් අතරතුර සහ විශේෂ අවස්ථාවල පළඳින බවත් වාර්තා වේ.

ලොව සුපිරි ධනවතුන් සහ සුවිශේෂී පුද්ගලයන් විසින් මෙම සුරය පළඳින බව වැඩිදුරටත් වාර්තා වන අතර සෑම වසර දෙකකට වරක් මෙම සුරය අලුත් කරගැනීමට සිදුවන බවත්, ඒ සඳහා සුවිශේෂී වත්පිළිවෙත් අනුගමනය කලයුතු බවත් සදහන්ය.

මෙහි විශේෂත්වය වන්නේ හිමාලයට පමණක් අවේනික වූ ශාක වර්ග හයසිය හතලිස් අටකින් සාදා ගත් තෙල් වර්ගයක් මේ සඳහා යොදා ගැනීම මෙන්ම රනින් නිමවා ඇති මෙය දින තුනක් පුරා ජප කිරීමෙන් පසු පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදී මෙය පලන්දවන්නේ සුවිශේෂී කාර්යයන් සහ වත් පිළිවෙත් රැසක් ඉටු කිරීමෙන් පසුවය.

සංගාට මෙම කාර්ය සඳහා ඔහුට හිතවත් ඉන්දියානු සුපිරි ක්‍රීඩකයෙකුගේ මගපෙන්වීම සිදුව ඇති බවත් වාර්තා වන අතර මේ ගැන ජාත්‍යන්තර අවධානය මේ වන විට වැඩියෙන් යොමුව ඇති බවත් සඳහන්ය.

සංගා මෙම සුරය පලන්දාගෙන සිටින අවස්ථා ගණනක ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙන අතර එම ඡායාරූප පහතින්..

41-2

35-4

36-5-1024x576

37-4

උපුටා ගැනීමකි..