ශ්‍රී ලංකාවේ ද ලිංගික සංක්‍රාන්තියට පත් වූ බොහෝ දෙනෙක් සිටින අතර ඔවුන්ට සමාජයෙන් ඇතිවන ගැටලු ගැන ප්‍රසිද්ධියේ කතා කළ කෙනෙක් ලෙස භූමි හරේන්ද්‍ර හැදින්විය හැකිය.
ඇය ඒ නිසාම නිළියක්, ගායිකාවක් තරමටම ජනප්‍රිය වූ අතර පසුගිය දිනක විවාහය ගැන සහ පෙම්වතුන් ගැන මෙසේ පවසා තිබේ.
”මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියේ. මට කවදාවත් පෙම්වතියක් ඉදලා නැහැ. දන්න දවසේ ඉදලා මගේ හිතගියේ පිරිමි ළමයින්ට. පාසලේ හිටියා දක්ෂ ළමයෙක්. මුලින්ම හිත ගියේ එයාට. ඒක ආදරේකට වඩා ආකර්ෂණයක් කිවුවොත් හරි. මම එයාට කිවුවා මම ආදරේ කරනවා කියලා. ඒ යෝජනාව එයා ප්‍රතික්ෂේප කළා. ඒවගේම ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.
මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපි ආදරේ කරන්න අරන් මාස 08 ක් විතර ඇති. අපි හොද අවබෝධයක ඉන්නවා. එයා මට ආදරේ කරන්නේ මගේ පෞරුෂයට කියලයි කිවුවේ. මේ මගේ තුන්වැනි පෙම්වතා.
ප්‍රථම ප්‍රේමය අහිමි වෙද්දී නම් දුකක් දැණුනා. මමත් ආසයි විවාහ ජීවිතයක් ගත කරන්න. නමුත් ඒකට කාලයක් එයි. මොනා වෙයිද කියන්න දන්නේ නැහැ. ආදරයට වඩා රාගයට ඇරයුම් ලැබෙනවා. ආදරයට වඩා රාගය දෙන්න, ඕන තරම් අය මගේ ළගට එනවා. කෙළින්ම වගේම ව්‍යංගයෙන් රාගයට ඇරයුම් ලැබෙනවා. අශෝබන විදියට යෝජනා ගේන අයත් ඉන්නවා. යෝජනා කරන ස්වරූපය අනුව තමයි මමත් කතා කරන්නේ. සමහර අයට මම බනිනවා. සමහර අයට මම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ කරුණාවෙන්.”
ඡායාරූප පහතින්..
















