FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර..

සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

දේශීය වෙළෙඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකොට මෙම තීරණය ගෙන තිබේ.

එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ෙදේශීය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි සහ පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිල දී ගැනීමට හැකිවන පරිදි සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීම මෙහි අරමුණ බැව් කියැවෙයි.

(ADS)