FAST NEWS

24×7 Around the Globe

කොස්‌තාපල් බිරිය අනියම් බිරියගේ ඇඳුම් ඉරා ඇය නිරුවත් කරලා..

52 හැවිරිදි පොලිස්‌ කොස්‌තාපල්වරයකු තම අනියම් බිරිඳ සමඟ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ ලැගුම්හලකට වී සිටියදී එම ස්‌ථානයට කඩාවැදුණ එම කොස්‌තාපල්වරයාගේ විවාහක බිරිඳ සහ තරුණ දියණිය ඔවුන් රැඳී සිටි කාමරයට කඩාවැදී පොලිස්‌ නිලධාරියා ඉදිරියේ ඔහුගේ අනියම් බිරිඳට පහරදී ඇගේ ඇඳුම් ඉරා ඇය නිරුවත් කිරීමේ සිද්ධියක්‌ මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ 23 දා පැවති නඩු විභාගයකදී අනාවරණය විය.

මෙම කොස්‌තාපල්වරයා කොච්චිකඩේ පොලිසියට අනුයුක්‌තව සේවය කරන පතිරණ බණ්‌ඩාර (52) නමැත්තෙක් වන අතර මේ පිළිබඳ පැවති පොලිස්‌ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කොස්‌තාපල්වරයාට කලක පටන් අනියම් බිරිඳක්‌ සිටින බවත්, ඇය සමඟ ලැගුම්හල්වලට යන බවත්ය.

ඒ අනුව පසුගිය 22 දා කොස්‌තාපල්වරයා තම අනියම් බිරිඳ සමඟ මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස්‌ ඇති අතර ඒ බව කෙසේ හෝ දැනගත් කොස්‌තාපල්වරයාගේ විවාහක බිරිඳ සහ තරුණ දියණිය එම ලැගුම්හලට කඩාවැදී කොස්‌තාපල්වරයා ඉදිරියේ ඔහුගේ අනියම් බිරිඳට පහරදී ඇගේ ඇඳුම් ඉරා දමා ඇය නිරුවත් කර ඇත.

එහිදී කාන්තාවන් අතර ගුටිබැට හුවමාරුවක්‌ (ගුටි කෙළියක්‌) ඇතිව තිබූ අතර ඊට කොස්‌තාපල්වරයාද මැදිහත්වී ඇත.

එහිදී කාන්තාවන්ට පහරදීමේ චෝදනාව යටතේ පොලිස්‌ කොස්‌තාපල්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා, සැකකාර කොස්‌තාපල්වරයා රුපියල් 7500 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළේය.

මෙහිදී කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ වත්සලා උළුවඩුගේ සහ සකුල ගුණතිලක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

වැඩිදුර විභාගය ජූලි මස 20 වැනි දින පැවැත්වේ.