FAST NEWS

24×7 Around the Globe

ඉසුර දේවප්‍රිය වැය කල දහනව ලක්‍ෂය පාර්ලිමේන්තුවේ කතාවට ලක් වූ හැටී..

බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා එම තනතුරට පත්වූ පසුව නිල විදේශ සංචාර තුනක්‌ සඳහා රුපියල් දහනවලක්‍ෂ හැත්තෑ තුන්දහස්‌ අටසිය අනූහතරක මුදලක්‌ වැය කර ඇතැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

චීන සංචාරයක්‌ සඳහා රුපියල් පන්ලක්‍ෂ හතළිස්‌ හයදහස්‌ හත්සිය හැත්තෑ හතරක්‌, දකුණු අප්‍රිකා සංචාරයකට රුපියල් පන්ලක්‍ෂ හැත්තෑ තුන්දහස්‌ නවසිය පහක්‌ සහ එක්‌සත් රාජධානි සංචාරයක්‌ සඳහා රුපියල් අටලක්‍ෂ පනස්‌ තුන්දහස්‌ දෙසිය දහතුනක්‌ බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා වැය කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී. එස්‌. එම්. මරික්‌කාර් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ඇමැතිවරයා නිවැරදි තොරතුරු සභාවට ඉදිරිපත් නොකරන බව කී මරික්‌කාර් මහතා බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා විදෙස්‌ සංචාර දහඅටකට සහභාගි වී තිබෙන බව කීවේය.

තමන්ට ඉදිරිපත් කළ හැක්‌කේ ප්‍රධාන ඇමැතිවරයා නිල වශයෙන් කළ සංචාරයන් පිළිබඳ තොරතුරු බව ඇමැතිවරයා කීවේය.