FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියට..

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා ඉතාලියට පැමීණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා අති උතුම් සුදතුම් පියනම හා ඉතාලි රාජ්‍ය නායකයා ඇතුළු පිරිසක් හමුවීමට නියමීත බවත් සඳහන්.

දරිද්‍රතාවය හා සමාජ බේදය පිළිබදව ට්‍රම්ප් අතිඋතුම් සුදොතුම් පියනම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත පැවසේ.

ඇමරිකා ජනාධිපතිවරයා යුරෝපීය සංචාරයක නිරත වන පළමු යුරෝපා රට වන්නේ ඉතාලිය වීමද සුවිශේෂි කරුණකි.

මෙම සංචාරයෙන් අනතුරුව ඇමරිකා ජනාධිපතවරයා නේටෝ සමුළුවකට සහභාගී වීම සඳහා බෙල්ජීයමේ බ්‍රසල්ස් බලා පිටත් වීමට නියමිත බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)