FAST NEWS

24×7 Around the Globe

ආර්. ප්‍රේමදාස දියණියගේ ‘හොර නෝට්ටු නඩුවේ’ තීන්දුව මෙන්න..

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ජයකොඩිට රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ ගෙවන ලෙස මහරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන රොලිත් පෙරේරා නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

කූට ලෙස සකස්‌ කරන ලද රුපියල් 5000 මුදල් නෝට්‌ටු 503 ක්‌ දුලාංජලී ජයකොඩිට ලබාදීම ඇතුළු අධිචෝදනා දෙකක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක්‌ විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්‌ෂිකාරිය වන දුලාංජලී ජයකොඩිට එලෙස වන්දි ගෙවන ලෙසට විත්තිකාර ව්‍යාපාරිකයාට නියෝග කළ බව වාර්තා විය.

කූට ලෙස සකස්‌ කළ රුපියල් 5000 මුදල් නෝට්‌ටු 503 ක්‌ දුලාංජලී ජයකොඩිට ලබාදීම, එම ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගි කරගත් යන්ත්‍ර ඇතුල්කෝට්‌ටේ ප්‍රදේශයේදී සන්තකයේ තබා ගැනීම යන චෝදනා  දෙකටම තමන් වරද පිළිගන්නා බව විත්තිකාර රොලිත් පෙරේරා නමැත්තා සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව විත්තිකරු එම අධිචෝදනා දෙකට වරදකරු බවට තීන්දු කළ විනිසුරුවරයා එක්‌ අධිචෝදනාවකට වසර බැගින් වසර දෙකක සිරදඬුවම් නියම කර එය වසර හතකට අත්හිටුවීමට නියම කළ අතර එයට අමතරව එම අධි චෝදනා දෙකට රුපියල් ලක්‌ෂ 5 ක දඩයක්‌ ගෙවීමට ද විත්තිකරුට නියම වී ඇත.