මෙම වසර වනවිට (2017) ශ්රී ලංකාවේ කාන්තා පිරිමි අනුපාතය කාන්තාවන් 100 දෙනකුට පිරිමින් 93.1 දෙනකු බව ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි.
මෙම අනුපාතය ක්රමයෙන් අඩුවී යන අතර වසර 2022 වන විට කාන්තාවන් 100 දෙනකුට පිරිමින් 92.2 දෙනකු සිටිනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි එම සංගමය කියයි.
කෙසේ වුවද වසර 2022 න් පසු එම අනුපාතය ස්ථාවර මට්ටමක පවතිනු ඇති අතර ඒ අනුව වසර 2032 වන විටද මෙරට කාන්තාවන් 100 දෙනකුට පිරිමින් 92.2 දෙනකු සිටිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
වසර 2012 දී මෙරට කාන්තා පිරිමි අනුපාතය වූයේ කාන්තාවන් 100 දෙනකුට පිරිමින් 93.7 දෙනකු වශයෙනි.
2001 වසරේදී පැවැති කාන්තා පිරිමි අනුපාතය වූයේ කාන්තාවන් 100 දෙනකුට පිරිමින් 97.9 දෙනකු වශයෙනි.
ඊයේ (22) කොළඹ ශ්රී ලංකා පවුල් සැලසුම් සංවිධාන සංගම් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.









