FAST NEWS

24×7 Around the Globe

ගීතාගේ ඇත්තම දුව මෙන්න.. (ඡායාරූප)

මන්ත්‍රීධුරය අහිමි වීමත් සමග පසුගිය දවස්වල බොහෝ කතා බහට ලක්වූ චරිතයක් වූ ගීතා කුමාරසිංහ මහත්මියගේ දුව යැයි සමාජජාල මාධ්‍යන්වල පළවූ කාන්තාවකගේ ඡායාරූප ගැන ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ අදාළ ඡායාරූප තමන්ගේ දියණියගේ නොවන බවයි.

“මම කම්පාවට පත්වුණා මේ ප්‍රශ්නේ ගැන. වෙනත් ගැහැණු කෙනෙකුගේ ඡායාරූප වගයක් මුහුණු පොත හරහා යවනවා. මගේ දුව මේ ලංකාවේ දැකලා තියෙනවානම් ඒ අපේ ඥාති පිරිස පමණයි.

ඇය කවදාවත් ඡායාරූපයකටවත් ඉන්න කැමති නෑ. ඇය ලංකාවේ හිටියේ නෑ. විශ්ව විද්‍යාල ජීවිතය ගත කලේ ඇමෙරිකාවේ. එයා විශ්ව විද්‍යාලයේ විභාග පාස් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කළා. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. මට ඒක ගැන ආඩම්බරයි. මගේ දුව කිය කියා වෙන වෙන ගැහැණුත් ඉන්නවාලු”