FAST NEWS

24×7 Around the Globe

තෙරේසා මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි…

එංගලන්තයේ මැන්චෙස්ටර්  ප්‍රදේශයට ඊයේ (22) රාත්‍රීයේ එල්ල වූ ප්‍රහාරයත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය තෙරේසා මේ සිය පක්ෂයේ සියළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරෙ ඇති බව විදෙස් වාර්තා පවසයි..

එසේම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය  හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද සඳහන්වේ.

ඊයේ(22) රාත්‍රී මැන්චෙස්ටර් හී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය.

(ADS)