2017 අයි.පී එල් කුසලානය තමන් සතු කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණඩායම සමත් වු අතර එම කණ්ඩාමේ පුහුණකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන හා ක්‍රීඩකයෙකු ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමාජීකත්වය දැරීය.
කෙසේ වෙතත් මහේල හා ලසිත් මාලිංග අයි.පී.එල් කුසලානය දිනා දීම සඳහා දායක වු අකාරය සම්බන්ධයෙන් අගය කරමීන් මුම්බායි කණ්ඩායමේ උපදේශකයෙකු වන හිටපු ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
“ඇතටම පුදුම ජයක් මේක,අපි ලකුණු 129 අරගෙන ක්‍රීඩා ගාරයට ආවට පස්සේ ලැබුන විවේකය ගොඩක් ප්‍රයෝජනවත් වුනා කණ්ඩායමට.එතැනදී මහේල හරියටම කිව්වා කරන්න ඕන මොනවද ,කරන්න හොඳ නැත්තේ මොනවද කියල,ඒ කථාව අහගෙන හිටපු කණ්ඩායම ඒ විදියටම වැඩේ කලා.රෝහිත් කණ්ඩායම අවශ්‍ය තැනට අරගන ගියා.
මම විශේෂයෙන්ම කියන්න ඕන මාලිංග ගැන.මේවගේ පීඩනයක් තියන තරඟ මාලිංග හොඳටම කරනවා.ඒ දේ වුනේ අද විතරක් නෙවෙයි දැන් අවුරුදු 10 තිස්සේ මාලිංග අපිට අවශ්‍යම වෙලාවට අවශ්‍ය දේ කරලා තියනවා.මම හැම වෙලාවේම විශ්වාස කරන දෙයක් තමයි විශිෂ්ටයෙකුගේ විශිෂ්ටත්වය විනාශ වෙන්නේ නෑ කියන දේ,අදත් ඒක ඔප්පු වුනා.මාලිංග මේ තරඟාවලියේ ලොකු දක්ෂතා පෙන්වුවේ නෑ.හැබැයි අපි ඔහු විශ්වාස කලා.අද ඔහු පෙන්වූවා ඔහුට කරන්න පුළුවන් දේ”
(ADS)