එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් හා 50 කට වැඩි පිරිසක් තුවාල කරමින් සිදුවු පිපිරීමෙන් අනතුරුව ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවත් එම ප්රදේශයෙන් ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවත් වාර්තා විය.
මරාගෙන මැරෙන පිපිරීමක් බවට වාර්තා වූ මෙම පිපිරිමත් සමග මැන්චෙස්ටර් නුවර වික්ටෝරියා දුම්රිය ස්ථානය ද වසා දමා ඇති අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන්ය.
ත්රස්ත ප්රහාරයක් බවට, එංගලන්ත ආරක්ෂක අංශ ප්රකාශයට පත් කෙරූ එම පිපිරීම සිදු වූ අවස්ථාව දැක්වෙන වීඩියෝ පහතින්..









