වෙනිසියුලාව පුරා පවතින විරෝධතා තවදුරටත් උග්‍ර වී ඇති බවත් , එම විරෝධතා හේතුවෙන් මෙවන විට පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වෙනිසියුලාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අඛන්ඩව පැවැත්වෙන අතර වෙනිසියුලා ජනාධිපති නිකලොස් මධුරෝට ධුරයෙන් ඉවත්වන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටියි.
මෙම තත්ත්වය හමුවේ වෙනිසියුලාවේ ආර්ථිකය ද දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර උද්ධමනය සියයට හත්සියයකින් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.
(ADS)









