FAST NEWS

24×7 Around the Globe

මහේල හා සංගාගේ සිතුවම් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයට යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ආලේඛ්‍ය සිතුවම් දෙකක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය තුළ මැයි 18 දින සිට ප්‍රදර්ශනයේ තබා ඇති බව සඳහන් වෙනවා.

මිඩ්ල්සෙක්ස් සහ සරේ ක්‍රිකට් කණ්ඩායම් අතර 18 ආරම්භ වූ ප්‍රාන්ත ශූරතා තරගයේ ආරම්භක දිනයේ දී එම සිතුවම් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුනු බව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැළකෙන එම්සීසී ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පරිපාලනය පවසනවා.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රුව සිතුවමට නගා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්තනි විලියම්ස් විසිනි.

එ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දැවැන්තයන් දෙපළකගේ රුව සහිත සිතුවම් විවියන් රිචඩ්ස් සහ ග්ලෙන් මැක්ග්‍රා ගේ රුව සහිත සිතුවම් අතරට එක් වේ.