එංගලන්තයේ පැවැති ශරිර යෝග්‍යතා පරික්ෂණ දෙකකින් අසමත්වීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රීඩක උමාර් අක්මාල්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
එ අනුව උමාර් අක්මාල්ගේන් ඇතිවන පුරප්පාඩුව සඳහා උමාර් අමීම් සහ හැරිස් සොහෙල් කණ්ඩායමට නම් කිරීමට නියමිත බවද සඳහන්.
උමාර් අක්මාල් මේ දක්වා ශතක දෙකක් සහ අර්ධ ශතක 20ක් ඇතුළත් ජාත්‍යන්තර තරඟ 116කදී ලකුණු 3044ක් රැස්කරගෙන සිටියි.
(ADS)







