FAST NEWS

24×7 Around the Globe

පිතිකරුවෝ සාර්ථක වුවත් ශ්‍රී ලංකාවට කඩුළු 07 ක පරාජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (21දා) සමත්විය.

එංගලන්තයේ බෙකම්හි කෙන්ට් ක්‍රීඩාංගණයෙ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණඩායම නියමිත න්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස්කිරිමට සමත්විය.

එ අනුව ලකුණු 288 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 42.5කදී කඩුලු 3ක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය.

මෙම තරගයේදි  ආරම්භක පිතිකරු කුසල් පෙරේරා (57), දිනේෂ් චන්දිමාල් (79), චාමර කපුගෙදර (71)  රැස් කරමීන් ශ්‍රී ලංකා ඉනිම සවිමත්  කිරිමට දායක වුහ.

එසේම ස්කොට්ලන්ත කණඩායටම් ආරම්භක පිතිකරුවන් වූ මැතිව් ක්‍රොස් (106), කයිල් කොට්සර් (118) ශතක රැස්කමින් පළමු කඩුල්ලට ලකුණු 201ක සාර්ථක සබඳතාවක් පවතවමීන් ස්කොට්ලන්ත කණ්ඩායටම් ජයගහ්‍රණය සඳහා අඩිතාලම සැකසුහ.

ලකුණු පුවරුව පහතින්…


(ADS)