FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටුනේ රාජපක්‍ෂලාගේ බාල සිමෙන්ති නිසා..

වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ල කඩා වැටුනේ ගිය ආණ්ඩුව සමයේ නම් ඊට හේතුව රාජපක්‍ෂලා බාල සිමෙන්ති ගෙන්වා කොමිස් ගැසීම බව පවසනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පවසයි.

ගිය රජය සමයේ මත්කුඩු අසුවෙද්දී ඒ සියල්ල ගේන්වූයේ රාජපක්‍ෂ රෙජිමය විසින් යයි කියූ අද ආණ්ඩුවේ සිටින පුද්ගලයින් අද ගෙන්වන මත්කුඩු කාගේදැයි කිසිත් නොකියන්නේ මන්දැයි හෙතෙම ප‍්‍රශ්න කරයි.