FAST NEWS

24×7 Around the Globe

මේ ආණ්ඩුවේ පක්ෂ දෙකට අපේ අතින් බලවත් අසාධාරණයක් වෙලා..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘මැයි දිනය අවසන් වී සති දෙකක් ගත වුණත් තවමත් ආණ්ඩුව මැයි දිනයේ සෙනඟ ගණන් හදනවා. සමහරුන්ට ගැටඹේ හුණ්ඩුවේ තිබුණේ ඉතිහාසයේ ලොකුම මැයි රැළියලු. පෙලපාලිය කිලෝ මීටර් හයක් දිගලු. තවත් සමහරුන්ට කැම්බල් පිට්ටනිය ඉඩ මදි වුණු නිසා කැම්බල් පිට්ටනිය පිරිලා ඉතිරිලා වල්ගා තරුවක වල්ගය වාගේ පාර දිගේ සෙනඟ හිටියාලු.    

මේ ආණ්ඩුවේ පක්ෂ දෙකට අපේ අතින් බලවත් අසාධාරණයක් වෙලා. ඒ අයට සෙනඟ පෙන්වා ගන්න බැරි වුණේ හුණ්ඩු පිට්ටනි වල මැයි රැළි පැවැත්වූ නිසානෙ. හුණ්ඩු පිට්ටනි වල මැයි රැළි පැවැත්තුවේ අපි ලංකාවේ ලොකුම පිට්ටනිය වෙන් කර කර ගත් නිසානෙ.

ඔන්න ලබන පාර මැයි දිනයට අපි ගාළු මුවදොර පිට්ටනිය ගන්නේ නෑ. ආණ්ඩුවේ පක්ෂ දෙක වෙන වෙනම බැරි නම් එකතු වෙලා හරි ලබන පාර මැයි දිනය ගාළු මුවදොර පවත්වන්නකො. එතකොට ඔය ගැළුවා කියන ජන ගඟ රටේ ජනතාවට හරියටම බලා ගන්න පුළුවන්නෙ.

මේක ආණ්ඩුවේ පක්ෂ දෙකටම අභියෝගයක්. මොලය උළුක් වෙන ගණන් හදන්නේ නැතුව ලබන පාර ඉන්න සෙනඟක් ගාළු මුවදොරට ගෙනැවිත් රටටම පෙන්වන්න’