FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නෑ..

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු එහිදී සදහන් කලේය.

ප‍්‍රභාකරන් මරා දමන ලද දිනයට සමගාමීව උතුරු පළාතේ සිදු කරන කොටි සැමරුම් පිලිබදව අදහස් පල කරමින් ඔහු මේ බව පැවැසීය.

ප්‍රශ්නය: උතුරේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා, ඔවුන් හෙට සමරන්න යනවා LTTE එකේ සාමාජිකයන්.. ඔබතුමා හිටපු හමුදාපතිවරයා හැටියට මේ ගැන සොයා බලන්නේ නැද්ද? මේ ගැන කතා කරන්නේ නැද්ද?

පිළිතුර: එයා කියනවා එයා ප්‍රභාකරන්ගේ මස්සිනාද කවුද කියලා.. ප්‍රභාකරන් ඉන්න කාලේ නම් අපි ඒ මස්සිනා කෙනෙක් ගැන අහලා තිබුනේ නෑ.. එයා තනියම කොහේ හරි කව්රුහරි ගැන හිතලා පහනක් පත්තු කර ගත්තාට ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා මං හිතන්නෑ.. ඒගොල්ලන්ට ඉතින් පුළුවන් මැරිච්ච මිනියක් ගැන පහනක් පත්තු කරන්න.. දානයක් දෙන්න..