FAST NEWS

24×7 Around the Globe

ලෝක සයිබර් ප්‍රහාරයට ලංකාවත්..

ලොව පුරා රටවල් 150කට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ එක් පරිගණකට හානි සිදුව තිබේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ අධ්‍යක්ෂ රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ ආයතනයක් සතු එම පරිගණකයේ Windows Update නොකිරීම නිසා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එම ආයතනයේ පරිගණක පද්ධතියේ වෙනත් පරිගණකවලට හානි සිදුව නොමැති අතර හානිවූ පරිගණකයේ දත්ත වෙනත් ස්ථානයක ද ගබඩා කර තැබීම නිසා හානිය අවම වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.