තමන්ගේ පාසලේ සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ අමුතු ගුරුවරියකට ලැබුණු දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රදේශයෙන් වන අතර අදාළ ගුරුවරිය විසින් ඇයගේ පාසලේ සිසුන් කණ්ඩායමකට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
එහිදී පැවති සාදයකදී තම සැමියාට අධික ලෙස මත්පැන් ලබාදීමෙන් අනතුරුව මෙම ගුරුවරිය අදාළ සිසුවා සමඟ ලිංගිකව එක්වී ඇත.
අදාළ සිසුවා 18 හැවිරිදි වියේ පසුවන අතර Jessica Storer නම් මෙම ගුරුවරියගේ වයස අවුරුදු 29 ක් වන අතර සැකකාර ගුරුවරියගේ සැමියාගේ වයස අවුරුදු 33 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගුරුවරිය විසින් තමන් අපයෝජනය කිරීමෙන් අනතුරුව ඒ බව සඳහන් කරමින් අදාළ සිසුවා විසින් ලිපියක්ද ලියා ඇති අතර එහි සඳහන් වන්නේ අදාළ සිදුවීමෙන් පසුව තමන්ට සියදිවි හානිකරගැනීමට සිතුණු බවය.
අනතුරුව මේ පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර පසුව නඩුව සඳහා අධිකරණයට පැමිණි එම ගුරුවරිය තමන් අදාල සිදුවීමට වැරදිකරු බවට පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
එහිදී විනිසුරු Randall Basinger විසින් ගුරුවරියට වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.
ඡායාරූප පහතින්..













