FAST NEWS

24×7 Around the Globe

රූකාන්ත, චන්ද්‍රලේකා යුවළගේ දියණියගේ නිවසට සොරු පැන කළ දෙයක්..

රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණිය වන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබේ.

නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවද වාර්තා වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.

එසේම සැකකරු විසින් සොරාගත් රයිනිගේ මංගල මුදුව සොයාගෙන ඇති අතර එය අධිකරණ නියෝග මත යළි ඇයට භාරදී තිබේ.